පිංමාළු වලේ මාළු බෑවේ කවුද? – විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි (VIDEO)

0
710

බොරදියේ මාළු බාන්න එපා යැයි අගමැතිවරයා ඉල්ලා සිටියද වසර දෙකක් තිස්සේ පින් මාළු වලේ මාළු බෑවේ කවුදැයි මුළු රටම දන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (19) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව රටට සිදු කළ විනාශය අපේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව මරණ මංචකයට ගෙනගිය සාපරාධී අපරාධයක් බවත් ඊට ආණ්ඩුව සහමුලින්ම වගකිවයුතු නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ ආර්ථිකය කඩා වැටෙන තුරු උඩ බලාගෙන සිටි ආණ්ඩුව අද ජාත්‍යන්තරය ගැන කතා කිරීම අරුමයක් බවත්,වසර දෙකක් තිස්සේ නොකළ දෑ අද කිරීමට යාම විහිලුවක් බවද ප්‍රේමදාස මහතා පැවසුවේය.

ආණ්ඩුව පැමිණි සැනින් ගජ මිතුරන්ට කෝටිපතියන්ට බදු සහන දී රටේ ආර්ථිකය සුන්නත්දූලි කළේ වර්තමාන ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා,රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැති බවද පැවසීය.

පැලැස්තර විසඳුම්වලින් ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සිට සියලු සංශෝධන සිදු කළ යුතු බවත් ඉන් මෙපිට කිසිදු සංශෝධනයක් විපක්ෂය පිළි නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here