*
Friday, May 3, 2024
spot_img

Latest Posts

මීළඟ වසංගතය උණ වෛරසය නිසා ඇති විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්ෆ්ලුවෙන්සා තවමත් ගෝලීය සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනය වන අතර විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මීළඟ වසංගතය උණ වෛරසය නිසා ඇති විය හැකි බවටයි.

ජ්‍යෙෂ්ඨ රෝග විශේෂඥයින් 187දෙනෙකුගේ පර්යේෂණයන්ට අනුව ඉන 57%ක් දැන් සිතන්නේ උණ වෛරස් වික්‍රියාවක් මීළඟ ගෝලීය මාරාන්තික බෝවන රෝග පැතිරීමට හේතුව වනු ඇති බවයි. මේ පිළිබඳව විස්තර ලබන සති අන්තයේ බාර්සිලෝනා හි පැවැත්වෙන යුරෝපීය සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ සංගමයේ (ESCMID) සම්මේලනයේදී හෙළිදරව් කිරීමට නියමිත වේ.

මේ හා සමගාමිව කොලෝන් විශ්ව විද්‍යාලයේ ජෝන් සල්මන්ටන්-ගාර්සියා පවසා තිබුණේ, ඉන්ෆ්ලුවෙන්සා යනු ලොව විශාලතම වසංගත තර්ජනය බවට ඇති විශ්වාසය දිගුකාලීන පර්යේෂණ මත පදනම් වී ඇති අතර එය නිරන්තරයෙන් පරිණාමය වෙමින් හා විකෘති වෙමින් පවතින බව අධ්‍යයන වලින් හඳුනාගෙන ඇති බවයි.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා කුරුළු උණ රෝගීන් මිලියන ගණනක් ඇති කරන H5N1 ඉන්ෆ්ලුවෙන්සා පැතිරයාම පිළිබඳව අනතුරු ඇඟවූ අතර මෑතක දී, වෛරසය දැන් එක්සත් ජනපදයේ ප්‍රාන්ත 12 ක ආසාදනය වී ඇති ගෘහස්ථ ගවයින් ඇතුළු ක්ෂීරපායී විශේෂවලට ව්‍යාප්ත වී ඇති අතර, මිනිසුන්ට ඇති අවදානම් පිළිබඳ බිය තවදුරටත් වැඩි කිරීමට සමත්ව ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan