පරිස්සමින් බලා ගත්තොත් ඊළඟ චමරි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 22, කොළඹ (LNW): චමරි අතපත්තු කෙනෙක් නැවත බිහිවිය යුතු බව සිතීම තරමක් පසුගාමී අදහසක් විය හැකිය.ඇයගෙන් පසුව බිහිවන දක්ෂයා ඇයගේ දැණුමත්,කාලයත් අතික්‍රමණය කර ඊට ඉදිරියෙන් සිටිය යුතුය.ඒත් ඉතිහාසයේ යළිත් බිහි වුව ද සම කළ නොහැකි දක්ෂයෝ ලෙස අනන්‍යතාවයක් සකසා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොයි කේෂ්ත්‍රයේත් සිටිති.චමරි අයත් වන්නේ ඒ ගනයටය.
ඒ නිසා චමරි පන්නයෙන් අලුත් මතුවීම් හැදින්වීම ඇයටවත්,ඒ අලුත් මතුවීම්වලටවත් අගෞරවයක් නොවනු ඇත.ඒ නිසා මේ මොහොතේ තරුණ ක්‍රීඩිකාවක හැටියට අත දිග හැර පහර දෙන්නට මෙන්ම දකුණතින් පිට දඟ පන්දු යවන්නට සමත්කම් දක්වන දෙව්මි විහංගා අනාගතයේ චමරි ගේ භූමිකාවට සුදුසුකම් පෙන්වමින් සිටින බව සිතිය හැකිය.


එහෙත් අනාගතය වෙනුවෙන් රටක් දිනවිය හැකි ක්‍රීඩිකාවක් තැනීම යන්න ඉබේ පහළ විය හැකි අවස්ථාවක් වන්නට ඇති ඉඩ අඩුය.සමහර දක්ෂයන් රැක බලා ගැනීම වෙනම ආකාරයකට කළ යුතුය.දෙව්මි කියන්නෙත් පෙණුමට මැණිකක් වුව තව දුරටත් පළුඳු ඉවත් කර ඔප දමා ගත යුතු මැණිකක මට්ටමේ ක්‍රීඩිකාවක්ය.
මේ කැපීමේ සහ ඔප දැමීමේ ක්‍රියාවලියේ දී ක්‍රීඩාවේදී නම් මැණික කීකරු විය යුතුය.එය අතිශයින්ම වැදගත්ය.තමාගේ වටිනාකම වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සමහර දේ අත් හරින්නට මෙන්ම එකතු කර ගන්නට ද වනු ඇත.ඒ සඳහා අවංකව වෙහෙසීම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සතු වගකීමකි.
දෙව්මි අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවක් හැටියට ලෝකයම දැන ගත් ක්‍රීඩිකාවක්ය.ඇය වයස් ඛාණ්ඩයේ තරගවලදී ජයග්‍රහණය වෙනුවෙන් දේවල් කරන්නට මෙන්ම ජයග්‍රහණයේ නියමුවා වූ අවස්ථා ද හිඟ නැත.පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැඩි ප්‍රහාර එල්ල කළ හැකි ක්‍රීඩිකාවක වන දෙව්මි බංගලාදේශ 19 න් පහළ තුන් කොන් තරගාවලියේ දී ද අවසාන තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයට පිත්තෙන් සහ පන්දුවෙන් දායක වෙමින් තරගයේ වීරවරිය වූවාය.ගෙවුණු ඔස්ට්‍රේලියා,එංගලන්ත තුන් කොන් තරගාවලියේ දී ද අවසාන තරගයේ දී එංගලන්තය පසු කර යමින් ජයග්‍රහණයට ඉහළම දායකත්වය දැක් වූ ක්‍රීඩිකාව හැටියට තරගයේ වීරවරිය වූයේ දෙව්මි ය.


එහෙත් ගෙවුණු තුන් කොන් තරගාවලියේ ද ඇය පහරදීම් සඳහා පාද හැසරීම්වල යම් මන්දගාමී තත්ත්වයක් දකින්නට ලැබිණ.සමහර විට ඇය පෙණුමෙන් යම් ආකාරයක තරබාරු ක්‍රීඩිකාවක් ලෙස පෙනීම ඊට හේතු විය හැකිය.එය එසේනම් ශඍීර යෝග්‍යතාවය වෙනුවෙන් ක්‍රීඩා පුහුණුව හරහා මෙන්ම වෛද්‍ය උපදෙස් හරහා ද කළ හැකි කාර්යයක් තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.ඒ නිසා මේ මැණික හිතුවක්කාර නොවීමත්,ක්‍රීඩාවට සෑම අකාරයකින්ම සුදුසු වන අකාරයට කපා ඔප දැමීමත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් න්‍යාය පත්‍රයකට අනුව සිඳු කළ හැකිනම් දෙව්මි තව වැඩි දොහක් යන්නට මත්තෙන් චමරි පන්නයේ හයේ පහරවල් එල්ල කරන ක්‍රීඩිකාවක් වනු ඇත.එහෙත් ඇය එම හැකියාවෙන් චමරි වනු නැත.චමරි යනු ඇඟේ ශක්තිය පෙනෙන මොලේ හොඳටම වැඩ කරන අත්දැකීම් සම්භාරයක එකතුවකි.ඒ නිසා දෙව්මි ගමන යා යුතු කල්පනාවෙන්ය.හරියටම කිව්වොත් සිහි බුද්ධියෙන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...