රථ ගාය නිසා වැඩ වරදින ලකුණු – දේශබන්දු තෙන්නකෝන් අධිකරණ නියෝග කඩකර ඇති බවට මෝසමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදී අධිකරණ නියෝග කඩකර ඇති බවට නීතිපතිවරයා විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබේ.

ඊයේ (අප්‍රේල් 21) දිනයේදී නීතිපතිවරයා මෝසමක් මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ඒ අනුව අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය අප්‍රේල් 10 වනදා ඇප ලැබුණු දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ තම මෝටර් රථය අධිකරණ භූමිය තුළටම ගෙන්වා ගෙන පිටව යාමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණු නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබුණේ නැත. එසේවෙතත් අධිකරණ භූමිය තුළට ගෙන්වා ගත් සුඛෝපභෝගී මෝටර් රථයකින් දේශබන්දු තෙන්නකෝන් පිටව යන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...