ජනාධිපතිවරණයට අපේක්ෂයෙක් දානවාද මම දන්නෑ. මං පොහොට්ටු නායකයෙකුත් නෙවෙයි – ප්‍රසන්නගෙන් අමුතු කතාවක්

Date:

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තමන් නොදන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ජනාධිපතිවරණයට ඇත්තටම පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද ?

“ඒක අපි තාම දන්නෙ නෑ. ඒක පිළිබඳ තීන්දුවක් නෑ. මේ වෙනකොට ඉදිරිපත් වෙනවායි කියලා තියෙන කාණ්ඩය මාධ්‍ය ඕගොල්ලන්මයි අපිව දැනුවත් කරන්නෙ. ඉස්සරහට ඒක බලාගන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබතුමාලා පොහොට්ටුවේ නායකයොනෙ ?

“නෑ, මං පොහොට්ටුවේ නායකයො නෙවෙයි. පොහොට්ටුවේ නායකයො සම්බන්ධ වෙච්චි දේශපාලන බලමණ්ඩලයේදී අනාගතයේදී තීන්දුවක් ගන්නවා කිව්වා, එච්චරයි”

ප්‍රශ්නය – පොහොට්ටුවක් නැද්ද ඒ කියන්නෙ ?

“ඇයි නැත්තෙ ? පොහොට්ටුවෙ තමයි. මම අදටත් පොහොට්ටුවේ. අපි පොහොට්ටුවෙ තමයි කටයුතු කරන්නෙ”

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ජාඇල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...