ඖෂධ වංචාව : CID යට ප්‍රකාශයක් ලබාදෙන්නැයි භාණ්ඩාගාර ලේකම්ටත් උසාවියෙන් නියෝගයක් !

Date:

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වෙන්කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය සහිතව තවත් ඩොලර් මිලියන 50ක් වෙන් කළේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය භාණ්ඩාගාර ලේකම්වරයාට ඊයේ (22) නියෝග කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදනවලින් පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 50ක මුදල් වෙන්කිරීමට අනුමැතිය දුන් කැබිනට් පත්‍රිකාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ තොගයක් මිලදීගෙන රජයේ රෝහල්වලට බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...