*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(VIDEO):වසලයින්ට එරෙහි නව ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි – චම්පික

කොළඹ LNW:රටට ආදරය කරන, ආගමික අයිතිවාසිකම් පිළිගන්නා, සැබෑ ජාතිකත්වයක් සහිත ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව මතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එය විධිමත්ව ක්‍රියාවට නැංවීම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ට කළ හැකි සුදුසුතම උපහාරය බවයි රණවක මහතා අවධාරණය කරන්නේ.

අන්තවාදය පෝෂණය කරමින්, අහිංසක ජනතාව විපතට පත් කරමින්, දේශපාලන වාසි ලබාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මේ අතර පොලීසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බවයි රණවක මහතා පවසන්නේ.

2010 සිට 2015 දක්වා කාලයේදී ප්‍රධාන වැරදි තුනක් එවකට පාලකයන් සිදු කළ බවද හෙතෙම පෙන්වා දෙන අතර කුමරන් පද්මනාදන් ඇතුළු අන්තවාදීන් රැසක් සාධාරණ හේතුවලින් තොරව නිදහස් කිරීමට පියවර ගැනිම, ඒ මඟින් මධ්‍යස්ථ පිරිස් පාලනයට එවක රජය සැලසුම් කර තිබූ බවට රණවක මහතා චෝදනා කරයි. තව්හිද් ජමාත් සංවිධානය නිර්මාණය වීමට දැනුවත්ව ඉඩකඩ සැලසීමට පාලකයන් පියවර ගෙන තිබුන අතර ඉන් බෙදී ආ සහරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව හෙළි විය. ඔවුන් මගින් මධ්‍යස්ථ මුස්ලිම් ජාතිකයන්ට අභියෝග කිරීමට හිටපු පාලකයන් ක්‍රියා කළ බව රණවක මහතා පෙන්වා දෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan