*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් විදෙස් සහය සාදරයෙන් පිළිගන්නවා – ජනාධිපති

පවතින තීරණාත්මක කාලයේදී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන් ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ අද (23) ජපානයේ කුමමොටෝහි ඇරඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමිනි.

ඉදිරි තෙවසරේදී සැමට පිරිසිදු ජලය,සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බවයි හෙතෙම පවසන්නේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුව ද ගත වූ දෙවසරේදී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබා දීමට හැකි වූ බවද ජනාධිපතිවරයා කියා සිටියි.

එමෙන් ම ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් හෙතෙම පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කර ගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබෙන නමුත් පසුගිය දෙවසර තුළ තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බව යි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

“තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳ ම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙති.

සමුළුවේදී ජලය සම්බන්ධ විවිධ ගැටලු හා 2017 වසරේ මියන්මාරයේ පැවැති 3 වන ආසියා – පැසිෆික් සමුළුවේදී සම්මත කර ගත් “යැන්ගොන් ප්‍රකාශයේ” දක්වා ඇති නිර්දේශ ක්‍රියාවට නංවන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරේ.
සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේදී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත ය.

“කුමමොටෝ ප්‍රකාශය යනු ජලය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉහළ පෙළේ නායකයින්ගේ එකතුවෙන් ගොඩනැඟෙන දැඩි අපේක්ෂාවන්වල එකතුවකි.

එම ගැටලු විසඳීම සඳහා අපි අපේ දැනුම එකට එක් කිරීමට උත්සාහ කළ යුතු බව “ආසියා – පැසිෆික් ජල සමුළුවේ” සභාපති යොෂියුකි මෝරි (Yoshiyuki Mori) මහතා සඳහන් කරයි.

“දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්, සනීපාරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්න මූලිකව ඉවහල් වේ. මෑතකාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වී තිබේ.

ආසියා – පැසිෆික් කලාපයේ, පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා තුන් ගුණයකින් වැඩි වී ඇත. දිළිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීපාරක්ෂක වතාවරණය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. ආසියා – පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානමින් සිටින්නෙමු” යැයි සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා (Fumio Kishida) මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා සමාරම්භක උත්සවයට සහ රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan