ඉන්දියානු මහකොමසාරිස් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින සහෝදර බැදීම පිළිබඳව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා මහ නාහිමිවරුන් දැනුවත් කර ඇත. පසුගිය 20 වනදා ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකළ දේශනය මල්වතු අස්ගිරි නා හිමිවරු විසින් අගය කිරීමට ලක්කර තිබේ.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව සැමගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාව විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද මහනාහිමිවරුන් ඉන්දීය මහකොමසාරිස්වරයාට ස්තූතිය පළකර ඇති අතර , දෙරටේ ජනතාව අතර ඉහළ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ ප්‍රතිලාභ සහ සංස්කෘතික ක්ෂේත්‍රය තුළ වඩාත් ශක්තිමත් සහයෝගීතාවක් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...