අන්තරේ පාගමන අගමැති මහින්දගේ විජේරාම නිවස වටළයි !!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ පාගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වටකර ඇති බව වාර්තා වේ.

එම පාගමන කොළඹ කොටුවේ සිට ගෝල්ෆේස් අරගල භූමිය කරා යෑමට නියමිතව තිබුණු නමුත් පොලිසිය ඊයේ දිනයේ සිට උත්සාහ කර ඔවුන්ට කොටුවේ සිට ගෝල්ෆේස් පිටිය කරා යෑමට නොහැකි වන ලෙස සියලුම පිවිසුම් මාර්ග අවහිර කර මාර්ග බාධක ඉදිකර තිබිණි.

එසේම ඔවුන්ට කොළඹ කොටුව ආසන්න මාර්ග ගණනාවක්ම භාවිතා කළ නොහැකි වන පරිදි පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ද ඊයේ ලබාගෙන තිබිණි.

ඒ අනුව ශිෂ්‍ය පාගමන බොරැල්ල හරහා විජේරාම මාවතට ගොස් ඇති අතර මේ වනවිට ඔවුන් එම නිවස වටළා උද්ඝෝෂණය කරමින් සිටින බව සඳහන්.

May be an image of 3 people, people standing, crowd, outdoors and tree
May be an image of 2 people and outdoors
May be an image of 1 person, standing, tree, outdoors and crowd
May be an image of 5 people and outdoors
No photo description available.

RN