තීරුබදු ප්‍රශ්නය ගැන ඇමරිකාව සමග සාකච්ඡා සාර්ථකයි – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“හදිසියේ එක්සත් ජනපදයේ තත්වයක් මතුවෙලා තිබෙනවා. ඒක අපේ විශේෂයෙන්ම ඇඟළුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර කිහිපයකට බලපෑමේ අනතුර තිබෙනවා. අපි ඒක විසඳාගැනීම සඳහා උත්සාහ කරනවා. ඊයෙත් මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු අපේ නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගිහිල්ලා ඊයෙත් සාකච්ඡා පැවැත්වුවා. දැන් මට දැනුම් දීලා තිබෙනවා ඒ සාකච්ඡාව ඉතාමත් ප්‍රතිඵලදායක සාකච්ඡාවක්. ඒ නිසා දෙපාර්ශ්වය එකඟවෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා, එක්සත් ජනපදයයි ශ්‍රී ලංකාවයි. අපි උත්සාහ කරනවා ඒ ප්‍රශ්නය බේරාගන්න”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙණ්ඩිස් අති විශේෂ කිරීමට කුසල්ට සහ කමිඳුට හැකි වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෑත කාලය ශ්‍රී ලංකා...

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...