තීරුබදු ප්‍රශ්නය ගැන ඇමරිකාව සමග සාකච්ඡා සාර්ථකයි – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“හදිසියේ එක්සත් ජනපදයේ තත්වයක් මතුවෙලා තිබෙනවා. ඒක අපේ විශේෂයෙන්ම ඇඟළුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර කිහිපයකට බලපෑමේ අනතුර තිබෙනවා. අපි ඒක විසඳාගැනීම සඳහා උත්සාහ කරනවා. ඊයෙත් මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු අපේ නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගිහිල්ලා ඊයෙත් සාකච්ඡා පැවැත්වුවා. දැන් මට දැනුම් දීලා තිබෙනවා ඒ සාකච්ඡාව ඉතාමත් ප්‍රතිඵලදායක සාකච්ඡාවක්. ඒ නිසා දෙපාර්ශ්වය එකඟවෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා, එක්සත් ජනපදයයි ශ්‍රී ලංකාවයි. අපි උත්සාහ කරනවා ඒ ප්‍රශ්නය බේරාගන්න”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...