මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්ගෙන් අලුත් වැඩක් !

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ , පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර් කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදීම ලබාදෙන බවද අමාත්‍යවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් ඇති බවත්, රජයට මුදල් ප්‍රශ්න ඇති නමුත් රට පුරා කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...