Thursday, June 1, 2023
spot_img

Latest Posts

පාලුවට ගිය උතුරු නැගෙනහිර (PHOTOS)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ඇතුලු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යපාරයක් අද (25)දින මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම හර්තාල් ව්‍යාපාය සදහා දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හතක්(07)සහය ලබා දෙන අතර උතුරු නැගෙනහිර රදගුරුහිමිපාණන් වහන්සේලා ඇතුලු ආගමික නායකයින්ගේ ද සහය හිමි වී ඇත.

මෙම හර්තාල් ව්‍යපාරයේ මූලික අරමුණු වී ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙසත් ,දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සහ නැවත් පදිංචි කිරීමේ ගැටලු වලට වහා විසදුම් ලබා දීම යන කරුණුය.

අප වාර්තා කරුවන් පවසන්නේ මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දින උතුරු නැගෙනහිර මුලු මනින්ම කඩ සාප්පු වසා දමා ප්‍රවාහන සේවාවන්ද නවතා දමා ඇති බවයි.

පහත චායාරූප වලින් දැක්වෙන්නේ අද දින යාපනය නගරයේ සියලු කඩ සාප්පු වසා දමා නගරය පාලු ස්වභාවයක් ගෙන ඇති ආකාරයයි.


සියලුම ඡායාරූප නරඹන්න.


Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.