අංක එකේ ධම්මික පෙරේරා සිමෙන්ති නිෂ්පාදන ව්‍යාපාරයටත් අවතීර්ණ වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා මහතා ඉන්දියානු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන DHT සිමෙන්ති සමාගමේ (DHT Cement Pvt. Ltd.) 51%ක පාලක කොටස් හිමිකර ගනිමින් තරගකාරී සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය අවතීර්ණ වී තිබේ.

DHT සිමෙන්ති සමාගම “පවර්ටෙක් ප්‍රීමියම් සිමෙන්ති” සන්නාමය යටතේ සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරයි. ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මෙහි පාලක කොටස් හිමිකම අත්පත් කරගෙන ඇත්තේ සිය අතිදැවැන්ත ආයෝජන හස්තය වන “වැලිබල් වන්” සමූහය යටතේ ස්ථාපිත නවතම සමාගම වන “වැලිබල් ටූ ප්‍රයිවට් ලිමිටඩ්” හරහා ය.

මෙහි 51%ක කොටස් හිමිකම අත්පත් කරගැනීම සඳහා ධම්මික පෙරේරා මහතා DHT සිමෙන්ති සමාගමේ මුල් කොටස් හිමියන් සිව්දෙනෙකුගෙන් (ඉන්දියානුවන් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්) සාමුහිකව ඇමරිකානු ඩොලර් මිලියන 08ක් ගෙවා සමාන කොටස් මිලදීගෙන ඇති අතර එම සමාගම විසින් නිකුත් කළ නව කොටස් මිලදී ගැනීම සඳහා ඔහු තවත් ඇමරිකානු ඩොලර් මිලියන 12ක් ආයෝජනය කර ඇත. ඒ අනුව වැලිබල් ටූ සමාගමේ මෙම සිමෙන්ති ව්‍යාපාරය සඳහා කර ඇති මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 20 කි.

ඒකල ප්‍රදේශයේ පිහිටා ඇති DHT සිමෙන්ති සමාගමේ කර්මාන්ත ශාලාව උසස් ජර්මානු තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිසරික ආරක්ෂාව යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉදිරියෙන් සිටින බව සඳහන්. මෙම සමාගම PowerTech Premium සන්නාමය යටතේ සියලුම වර්ගයේ ව්‍යාපෘති සඳහා සිමෙන්ති කොට්ට අලෙවි කරන අතර එය මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා තොග සිමෙන්ති ද සපයයි.

පැයකට සිමෙන්ත්‍රි මෙට්‍රික් ටොන් 80ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් සහිතව ස්ථාපිත කර ඇති DHT සිමෙන්ති සමාගමේ කර්මාන්ත ශාලාව අනුව එම සමාගමට මෙරට සිමෙන්ති වෙළඳපොලේ 10%ක පමණ පරිමාණයක් සැපයිය හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර ධම්මික පෙරේරා මහතාගේ ආයෝජනයෙන් පසුව එය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

PowerTech Premium සිමෙන්ති සඳහා SLS 107 තත්ව සහතිකය ඇති අතර ISO 9001:2015 තත්ව සහතිකය ද ඊට හිමි ය.

මෙසේ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තයට ද අවතීර්ණ වන ධම්මික පෙරේරා මහතාගේ දැවැන්ත ව්‍යාපාර ජාලය තුළ දැනටමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ටයිල්, නානකාමර උපාංග, ඇලුමීනියම්, සූර්ය විදුලි පැනල ඇතුළු නිෂ්පාදන කිහිපයක්ම අඩංගු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...