අපි සිටින්නේ කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

අපි සිටින්නේ
කවුරුන් විසින් හෝ සෑදුව
කුඩා සෙල්ලම් ගේක වෙන්නට බැරිද ?

මේ ඉර එළිය නොවෙයි
අධි වෝල්ටීය බල්බයක් වෙන්නට හැකියි

කහපාට බැලුමක්
කෘතීම කළුවරක එල්ලා
අප ලවා ඊට “සඳ” කියා
නම්කරන්නට සැලැස්වූවා වෙන්නට හැකියි

“වැස්ස” යි කියා රවටන්න
වතුර මලකින් වතුර ඉසිනවා වෙන්නට හැකියි
දිය බිංඳුවලට කැඩපතක් අල්ලා
දේදුනු මවනවා වෙන්නට හැකියි

ගං වතුර ගලන්නේ
කරාමය වහන්නට අමතකව ගියෙන්
වෙන්නට හැකියි
නියඟයක් හැදෙන්නේ
ඔවුන් ගෙවල් දොරවල් වසා
චාරිකා යන කාලයේදි වෙන්නට හැකියි

එහෙමත් නෙවෙයි නම්
අපි සිටින්නේ
බිරිඳ මියගිය මැදිවයස් පිරිමියෙක්
කාන්සියෙන් යුතුව සදන ලද
කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

මල් පිපෙන ගස්කොලං ඔක්කොම
ඔහු ඉන්ඳවූ පෙඳ පාසි වෙන්නට හැකියි ශෝකසහගත සාංකා වෛරසය
ඔහුගෙන් අපිට ආසාදනය වුනා වෙන්නට හැකියි

රෑ වෙද්දි අත් කාචයක උදව්වෙන්
බිරිඳගේ රුවෙන් යුතු මුහුණක්
සොයනවා වෙන්නට හැකියි
එහෙම ගැහැනියක් දුටුවොතින් ඔහු
පැය ගනං එක දිගට
අන්ධකාරේ ගිලෙනවා වෙන්නට හැකියි

එවැනි රාත්‍රීන්වල අපි
අහේතුකව කෝප ගන්නවා වෙන්නට හැකියි
නොදන්නා හේතුවකට
නොසන්සුන්වෙමින් වැලපෙමින් නිදිවර්ජිතව හිඳිනවා වෙන්නට හැකියි

~ දිනූ රාජගුරු

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...

කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: අනුරාධපුර රුවන්වැලි සෑය අභියස...

ජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: සෞදි අරාබියේ මරණ දඬුවමකට...