ශ්‍රී ලංකා කාන්තා බේස්බෝලය ආසියාවේ ඉස්සරහට තල්ලු වෙන්න දරන උත්සාහයක

නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:

ආසියානු බේස්බෝල් සූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා තායිලන්තයේ පවත්වනු ලබන කාන්තා බේස්බෝල් තරගාවලියේ මුල් කණ්ඩායම් හතරට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාව අසමත් වුණත් පස්වන ස්ථානයේ සිට අටවන ස්ථානය දක්වා වන ස්ථාන සඳහා වන සටනේදී මැලේසියාව පරාජය කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාව මෙම තරගයේදී පහසුවෙන් ජය ගත් අතර අවසාන ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 16 – 5 ක් ලෙසයි.ඒ අනුව ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ පස්වන සහ හයවන ස්ථානයකට යාමට අවශ්‍යය ඉඩ සහතික කර ගන්නට සමත් වී සිටිනවා.ඒ අනුව අප්‍රේල් 28 වන දා ශ්‍රී ලංකාව තරග කරන්නට නියමිතව සිටින්නේ කාම්බෝජියාව සමඟයි.


ශ්‍රී ලංකාව මූලක වටයේදී ලකුණු 13 – 0 ක් ලෙස පරාජය කළ ඉරානය ලකුණු 23 – 13 ක් ලෙස පරාජය කරමින් කාම්බෝජියාව මේ තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කරූට 86 යි !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...