සුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියූ, බුද්ධිමතුන්ගෙන් සපිරි රජයක් බිහි කරනවා කියූ අගමැතිවරිය අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍ය ප්‍රශ්ණ කරන විට එම සිදුවීමට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට විපක්ෂය විසින් සැකය සංකා ඇත්ත සිදුවීම් ලෙස රටට ඉදිරිපත් කරන්න කටයුතු කරන බවට ප්‍රකාශ කරන බවත්, කුමන දෙයක් සිදුකර හෝ අවධානය ගැනීමට කටයුතු කරන බවට අගමැතිනිය චෝදනා කරනු තමන් දුට බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
එහෙත් අග්‍රාමාත්‍යවරිය සත්‍ය වසන් කොට අදහස් පළ කිරීම කණගාටු දායක තත්ත්වටක් බවත්, මෙම මුදල් අස්ථානගත වීම ගැන සැකයක් නොමැති බවත් එය සත්‍ය බවට මේ වනවිට රජයම පිළිගෙන තිබියදී අග්‍රාමාත්‍යවරිය මේ පවසන්නේ කුමක්ද යන්න ගැටළුවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
මෙම ඇ. ඩොලර් ලක්ෂ 25 ණය ගෙව්වේ විපක්ෂය හෝ සමගි ජන බලවේගය නොව ආණ්ඩුව බවත් මෙහි ඇති බරපතලම දේ වන්නේ මුදල් සම්බන්ධ වගකීම ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවත් මේ ගැන මාස 4ක් පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන්, ජනතාවගෙන් හා රටෙන් සඟවා තැබූ බවත් මේ ගැන හෙළිදරව් වූ පසු භාණ්ඩාගාර ලේකම් එක් කතාවක් ද නියෝජ්‍ය මුදල් ඇමති තවත් කතාවක් කියන විට අගමැතිනිය ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කියමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන ඇකඩමියෙහි අනුබද්ධිත ආයතනයක් වන ලීඩ් එක්ස් කැම්පස් හි දේශපාලන විද්‍යාව සහ දේශපාලන සන්නිවේදනයට අදාළ වැඩමුළුවක් අද පැවැත්විණි. මෙම වැඩමුළුවෙහි ප්‍රධාන කථිකයින් ලෙස මහාචාර්ය සම්පත් රාජපක්ෂ, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ මහාචාර්ය ප්‍රදීප වීරසිංහ යන මහාචාර්යවරුන් සහභාගී විය. මේ අවස්ථාවට මහාචාර්ය චරිත හේරත් මහතා ද එක්විය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන ඇකඩමියෙහි සභාපති බුද්ධික පතිරණ මහතාගේ ආරාධනයෙන් එම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ බව කියා සිටියේය.
මේ අහිමි වූ මුදල් ගෙවිය යුත්තේ අප රටේ පුරවැසියන් බව අගමැතිනිය අමතක නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අගමැතිනිය සහ ආණ්ඩුව බාල ගල් අගුරු සිදුවීමේ දී පවා ඒවා බාල ගල් අගුරු නොවන බවට පැවසුවත් බලාගාරයේ ජනන වාර්තාවෙන් ඔවුන්ගේ සියලු කතා අසත්‍ය බව සනාථ වී ගෙන් වූ ගල් අගුරු බාල බවට ඔප්පු වූ බවත් ඉන් අනතුරුව වංචාවක් සිදුව නොමැති බව කිව්වත් මහජන උපයෝගීතා කොමිසම් සභා වාර්තාව සහ විගණන වාර්තාවෙන් මේ සියල්ල සනාථ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇ. ඩොලර් ලක්ෂ 25 ගැන හොයන්න විපක්ෂයෙන් බහුතරය සහිත තේරීම් කාරක සභාවක අවශ්‍යයි
විපක්ෂය ගල් අගුරු ගැන කතා කළේ සැකයක් සමඟ නොව සත්‍ය දත්ත මත පදනම්ව බවත් මේ බාල ගල් අගුරු ගෙන්වූයේ ජේවීපී ආණ්ඩුව මිස විපක්ෂය නොවන බවත් මෙහි වංචනික ක්‍රියාවක් සිදුව ඇති බවත් ඇ. ඩොලර් ලක්ෂ 25 හොරකම් කළා පමණක් නොව මේ හොරකම පාර්ලිමේන්තුවෙන්, මුදල් කාරක සභාවෙන් සහ ජනතාවගෙන් මේ රජය සගවා ඇති බවත් දැන් මේ වගකීම නිලධාරීන්ට පටවා නිලධාරීන්ට චෝදනා කරමින් ඒ ආයතනය තුළම පරීක්ෂණයක් සිදු කරන බවත් එය පක්ෂග්‍රාහී ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේ පූර්ණ නිගමන සනාථ කරන පරීක්ෂණ නොව විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත් මේ පරීක්ෂණය කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සාභාවකින් බවත් එහි සභාපති සහ බහුතරය විපක්ෂයෙන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
රජයේ නොහැකියාව නිසා රටට වෙන්නෙම පාඩු විතරයි
මෑත කාලයේ දී රාජ්‍ය පාලනයේ දුර්වලතාව, නොහැකියාව සහ අකාර්යක්ෂමතාව නිසා සමස්ත රටටම හා ලක්ෂ 220ක් ජනතාවට විශාල පාඩු රැසක් සිදු වු බවත් දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට ඇ. ඩොලර් ලක්ෂ 25ක් ගෙවන්න තිබූ අතර එම ගණුදෙනුවෙන් පසු ජනවාරි මාසයේ අදාළ ආයතනවලට එම වාරිකය ගෙවී නැති බව දැක ගන්නට ලැබී ඇති බවත් ඉන් පසු රජය මාස 3-4ක් කල්මරා හොර රහසේ මේ ගැන සොයන්න කමිටුවක් පත් කරන අතරතුර ණය කළමනාකරණ ආයතනයට මාර්තු මාසයේදී ලන්ඩන් නුවරදි හොඳම ණය කළමනාකරණ ආයතනය ලෙස සම්මානයට පාත්‍රවන බවත් මේ සියල්ල මැද ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකය සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් විවිධ ක්‍රමවේද හරහා මේ මුදල් අස්ථානගත වූ බවට විවිධ කතා කිව්වත් තවමත් සත්‍ය අනාවරණය වී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි මේ ගැන කියද්දි ආණ්ඩුව දන්නේ මඩ ගහන්න විතරයි
යම් පුද්ගලයන් දෙදෙනකු අතර මුදල් හුවමාරුවක් සිදු වන විට අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඇති බවත් මේ ගැන විග්‍රහ කරන විට පවා සමාජ මාධ්‍ය හරහා උපහාසයට අපහාසයට ලක් කළ බවත් රජයන් දෙකක් අතර පවා මුදල් හුවමාරු වන විට ද මේ ක්‍රම අනුගමනය කළ යුතු වුවත් ඒ ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා ඩොලර් ලක්ෂ 25ක් අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2019-2024 ගත් තීන්දු නිසා ජනතාව අද අසරණ වෙලා
සමහර කරුණු සම්බන්ධයෙන් වැඩිදුර දැනුවත් වීම අනවශ්‍ය බව අද වන විට ජන සමාජයේ සමහර කොටස්වල මතය වී ඇති බවත් දැනුම යනු සින්නක්කර දේපලක් නොව බෙදාහැරිය යුතු දෙයක් වුවත් මෙසේ දැනුම බෙදා හැරීමම අද ජන සමාජයේ දැවැන්ත විරෝධයකට ලක්වූ දෙයක් වී ඇති බවත් දැනුවත්භාවයකින් තොරව 2019, 2024 කාලයේ ජනතාව ගත් තීන්දු තීරණ නිසා අද රටත් ජනතාවත් දැවැන්ත අසරණ වී ඇති බවත් තොරතුරු දත්ත මත නොව මුදල් මත පදනම් වූ ප්‍රතිරූප ගොඩනැගීමටත් හරයක් නොමැති කතාවලට ඇබ්බැහි වීම නිසා ජනතාව මේ වන විට කලකිරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



