ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මහා භාණ්ඩාගාරයෙන් විදෙස් ණය ගෙවීමකදී අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල අස්ථානගතවීමේ ක්‍රියාවලියට අදාළව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් මුදල අමාත්‍යාංශයේ ලේකම්වරයාත් පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර නොමැති බව ද දැනගන්නට ඇතැයිද ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේවෙතත් මේ වන විට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයද විමර්ශන අරඹා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන සිදුකරමින් පවතින බව සඳහන්.


