ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් ආනයනයේදී සිදුකර ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂ සන්ධානය විසින් අද (27) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.
පසුගිය මාර්තු 17 සහ 18 යන දිනයන්හි ඩීසල් මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යමින් ට්‍රැපිෆුරා සමාගම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ඩීසල් බැරල් 248,000ක් බැරලයකට ප්‍රිමියර් ඩොලර් 45 බැගින් ලබා දීමට එකඟව අදාළ ඩීසල් මිලදී ගෙන ඇති බවයි එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ.
ඒ වන විටත් ටෙරින්ටන් නමැති සමගම විසින් බැරලයකට ප්‍රිමියර් ඩොලර් 38 බැගින් සැපයීමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උක්ත මිලදී ගැනීම සිදුකර ඇති බව එම පැමිණිල්ල මඟින් තවදුරටත් පවසයි.
ඒ අනුව කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකරමින් ඊට අදාළව විමර්ශනයක් කරන ලෙස පැමිණිලි පාර්ශවය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන සභාවෙන් ඉල්ලා ඇත.





