විෂයන් 12කට අදාළව විභාග පරීක්ෂක අයදුම්පත් කැඳවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇති බවත් මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අද සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...