සටහන – රුවන් නෙළුගොල්ල
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පසුගිය දා සිදුකළ කළ ප්‍රකාශය තරයේ හෙළාදකින බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
කොන්ත්‍රාත්කරුවන් පිරිසකට යම් මුදලක් වැඩිපුර ගෙවා ඇත්නම් එය බැංකුවේ වරදකින් සිදුව ඇති දෙයක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එය මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නොවන බවත් එම අධිකාරියේ ගිණුම්වලින් මුදල් අඩුවී නොමැති බවත් සඳහන් කළේය.
ප්‍රශ්නය – ඔබතුමා කිව්වා බඩල් පේමන්ට් එකක් වෙලා නැහැ කියලා. නමුත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා මඩකලපුවේ ලංකා බැංකුව හරහා කොන්ත්‍රාත්කරුවන්ට විශාල මුදලක් ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට එහෙම එකක් ගිහිල්ලා තියෙනවාද මේ වෙනකොට ?
“ඒ ගිහිල්ලා තියෙනවා කියන්නේ ලංකා බැංකුවෙන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන්වත් වෙනත් ගිණුමකින්වත් සතයක්වත් double Payment එකක් වෙලා නෑ. ඒක අපි ස්ථිර වශයෙන් කියනවා. ඒක තමයි කියන්නෙ. එතකොට නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා කියනවා නම්, ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන් වැරදී. එතුමා කියනවා ප්‍රධාන ගිණුමෙන් ගිහින් කියලා, ප්‍රධාන ගිණුමෙන් තියා අනු ගිණුමකින්වත් ගිහින් නැහැ. එතුමා කියනවා ගෙවීම් ක්‍රමවේදය වෙනස් කරලාය කියලා, එහෙම කරලාත් නැහැ. ඒ අනුව එතුමාගේ ප්‍රකාශය වාක්‍යයක් වාක්‍යයක් පාසා වැරදියි”
ප්‍රශ්නය – එතකොට BOC එක හරහා සිදුවෙලා තියෙනවා කියන්නේ ?
“ඒක අහන්න ඕනේ BOC එකෙන්”
ප්‍රශ්නය – එතකොට BOC එකේ ඔබතුමාලාට සම්බන්ධ එකවුන්ට් එකෙන් නෙවෙයිද ?
“නෑ, BOC එක කියන්නෙ අපේ එකක් නෙවෙයිනෙ. අපි මාර්ග සංවර්ධන අධිකාරිය”
ප්‍රශ්නය – ඔබතුමාලාගෙ එකවුන්ට් එකක් හරහා නෙවෙයිද BOC එකේ ?
“නෑ, අපි දෙන්නේ අපේ ප්‍රධාන ගිණුමෙන් යම්කිසි මුදලක් යවන්න තියෙනවා නම්, අපි ඒ මුදල දානවා තවත් ගිණුමකට. එ් අනුව අපි නිර්දේශ කරනවා මේ අයට ගෙවන්න කියලා. එතකොට ඒ අය ඒක ගෙවනවා. ඊට අමතරව තවත් පාරක් සල්ලි දැම්මොත් තමයි ඒ අය ගෙවන්නේ. අපි සල්ලි දාන්නේ නැතුව BOC එකෙන් සල්ලි ගෙවන්නේ නෑනේ. අපේ එ්වාට අපේ එකවුන්ට් වලින්. Overpayment එකක් වෙලා තියෙනවා නම් බැංකුවකින් වැරදීමකින්, ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නෙමෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙමෙයි. ඒක බැංකුවක් සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මාර්ග සංවර්ධන අධිකාරිය සහ බැංකුව එක්කවත්, මාර්ග සංවර්ධන අධිකාරි සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවෙච්ච එකක්වත් නෙමෙයි”
ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා ඊයේ (27) කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර ලංකා බැංකුවේ මධ්‍යම මෙහෙයුම් අංශයේ පරිගණක පද්ධති දෝෂයක් හේතුවෙන් රුපියල් මිලියන 263කට අධික මුදලක් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් පිරිසකට වැරදීමකින් ප්‍රේෂණය වී ඇති බවත් එම දෝෂය හඳුනාගැණීමෙන් පසු අදාළ මුදල් ආපසු කැඳවීමට පියවර ගත්ත ද රුපියල් මිලියන 51කට අධික මුදලක් තවමත් අයකර ගැනීමට නොහැකි වී ඇති බවත් සඳහන් කරමින් එම මුදල් නැවත ලබාගැනීම සඳහා සහාය ලබදෙන ලෙස ඉල්ලා ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා (මධ්‍යම මෙහෙයුම්) විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යවන ලද ලිපියක් ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.


