මුදල් ලේකම්ට විරෝධය දක්වන්න ගිය ගෝඨාභයගේ හිටපු ලේකම් ඇතුළු පිරිස ගොම නායි! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විදෙස් ණය ගෙවීමකදී අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 මුදල සම්බන්ධ සිද්ධියෙන් මතුව ඇති තත්ත්වය හමුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළකිරීමට ගිය විපක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසට ගොම ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය දැක්වීම සඳහා සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිස පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණු අතර එම පිරිස සූරියප්පෙරුම මහතගේ නිවාස ඉදිරිපිට විරෝධය පළකරමින් සිටියදී ප්‍රදේශවාසීන් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් විරෝධතාකරුවන්ට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනතුරුව විරෝධතාවට පැමිණි පිරිස ප්‍රදේශවාසීන්ගේ විරෝධය සහ හූ හඬ මැද එම ස්ථානයෙන් පිටතට පැමිණි තිබුණි.

තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලීසියද එම ස්ථානයට කැඳවනු ලැබීය.

අනතුරුව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත ද අදහස් දක්වන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී