කොළඹ LNW:විදෙස් ණය ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් අත්පත්කරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇත.
මෙම සිදුවීම පිළිබඳ සාකච්ජා කිරීම සඳහා මුදල් කාරක සභාව අද රැස්වූ අතර ඒ අනුව එළඹෙන 30 වැනිදා අදාළ නිලධාරීන් කැඳවීමට නියමිතයි.


