රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ජනප්‍රිය රැප් ගායකයෙකු සහ පාලන තන්ත්‍රයේ විරුද්ධවාදියෙකු වන ටූමාජ් සලේහිට එරෙහිව මරණීය දණ්ඩනය පැනවීමට ඉරාන උසාවියක් ගත් තීරණය හේතුවෙන් ආණ්ඩු විරෝධී විරෝධත්වන් රටපුරා ඇතිව තිබේ.

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව හිමිකම් අපයෝජනයක් ලෙස හඳුන්වා තිබේ.

2022 වසරේදී හිජාබයක් පැළඳ සිටි බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කුර්දි ඉරාන කාන්තාවක් වන මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් ඇති වූ රටපුරා ඇති වූ විරෝධතාවලට සහය දක්වමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ටුමාජ් අත්අඩංගුවට ගැනුණු අතර 2023 ජූලි මාසයේදී ඔහුට වසර හයකුත් මාස තුනක සිර දඬුවමක් නියම විය.

දින 200කට වැඩි හුදකලා සිරදඬුවමක් ඇතුළුව වසරකට වැඩි කාලයක් සිරගතව සිටි පසු ගිය වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව ඇප මත මුදා හරින ලදී.

ටුමාජ් සිරගෙදරදී තමාට ඇඩ්‍රිනලින් එන්නත් ඇතුළු වධහිංසා පමුණුවා ඇති බව පවසමින් ඔහු රඳවා සිටි බන්ධනාගාරයෙන් පිටත ගීතයක් පටිගත කිරීමෙන් අනතුරුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන ඇති අතර ඉස්ෆහාන් විප්ලවවාදී අධිකරණය ඔහුගේ දඬුවම මරණීය දණ්ඩනය දක්වා ඉහළ නැංවූ අතර එය පෙර නොවූ විරූ තීන්දුවක් විය.

මේ වෙනුවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විරෝධතා එල්ල වී ඇති අතර ඔහුගේ දක්ෂතාවය සහ ඔහුගේ සංවේදනය සහ සමාජ හෘදය සාක්ෂිය ප්‍රතික්ෂේප කිරීම දුෂ්කර වන අතර ඔහුගේ ධෛර්යය විශ්වාස කිරීමට අපහසු වන අතර ඔහුගේ ධෛර්යය බෝවන සුළු එකක් වන බවයි ටොරොන්ටෝ හි කැනේඩියානු ක්‍රියාකාරිකයෙකු වන Kaveh Shahrooz සඳහන් කර තිබුණේ,එසේම විදි බට බොහෝ ක්‍රියාකාරීන් ප්‍රකාශ කර තිබුණේ, අසීමිත කුරිරු පාලනයට එරෙහිව ඉරාන ජනතාවගේ කෝපය පුපුරා යාම ආසන්න අවධියක ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: පළිගැනීම ඉන්ධනයක් කරගත් “Ballerina”

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

තවත් රටවල් 33ක් වීසා ගාස්තුවලින් නිදහස් කෙරේ. සම්පූර්ණ ලැයිස්තුව මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ...

හිටපු ඇමති හර්ෂණගේ පුරප්පාඩු දෙකකට නව මන්ත්‍රී නිශාන්ත පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ...

හොර ඔප්පු නඩුව : ඇමති වසන්ත, නියෝජ්‍ය ඇමති මහින්ද සහ නගරාධිපති ජයලාල් සම්බන්ධයෙන් උසාවියෙන් නියෝගයක් !

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක්...