සටහන – රුවන් නෙළුගොල්ල
විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ නැංවීම සඳහා ජාතික පද්ධති පාලන (පෞද්ගලික) සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් විසින් සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා වැයවන මුදල ඉහළ යාම මත මෙසේ විදුලි බිල් වැඩිකිරීමට ඔවුන් සූදානම් වන බව සඳහන්.
මීට පෙර 2026 අප්රේල් 01 වනදා ද විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකර තිබිණි.


