නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව 2015 වසරේදී “මහින්ද සුළඟ” ආරම්භ වුණු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීම මෙම මැයි රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අවසන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින අතර බොහෝවිට එම තීරණයත් හෙට දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...