අනුරගේ හෙළිදරව්වට හිටපු මහ බැංකු අධිපතිගෙන් ප්‍රතිචාර!

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් අද (03) කොළඹදී සිදුකරන ලද වංචා දූෂණ හෙළිදරව්වේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාටද චෝදනා එල්ල විය.

ඒ අනුව මේ වන විට හිටපු මහ බැංකු අධිපතිවරයා ද තමන්ට එල්ල කර තිබෙන චෝදනාවලට අදාළව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබේ.

නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට ජවිප නායක දිසානායක විසින් කරන ලද අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන්, 2022 මැයි 3 වන දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරනු ලබන ප්‍රකාශය.

රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදු කර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරන ලද සමාගම් විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරන ලද ගෙවීම්ද අඩංගුය.

ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබා දී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදු කර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියා පටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො. මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව විසින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.

එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදු කර ඇති බවටද එමගින් රටට පාඩුවක් සිදු කර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත.

මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගණුදෙණු සියල්ල ගැඹුරින් විමර්ශනය කලද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුනි. ඒබැවින්, එම වසර 5 ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.

එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, මෙම නින්දිත ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒ්වාට වගවීමකට ලක් කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...