සටහන – රෂිකා හෙන්නායක
මැයි 04, කොළඹ (LNW): අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ. ඒ අමාත්‍යංශ දෙකක විෂයපත සංශෝධනය කරමිනි.
මේ අනුව පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය පථයට එක්කෙරුණු අතර, එමෙන්ම ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්‍රීය පනත එක්කර තිබෙන බව සඳහන් වේ.
මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී ඇති බලතල අනුවයි.

