ඉන්දීය ණයෙන් යකඩ ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වීමට මුදල් වෙන්කළ බව ඇමති ගොඩහේවා පිළිගනී …

Date:

මෙරටට අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබාදී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් කොටසක් වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය වෙන්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා ඊයේ (03) පිළිගත්තේ ය.

ඒ අනුව ඒ මහතා පැවසුවේ අදාළ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 260ක් මෙසේ වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා වෙන්කර ඇති බවයි.

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...