සටහන – රෂිකා හෙන්නායක
මැයි 05, කොළඹ (LNW):මේවන විට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.
කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල ඉහළයාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව එහි සභාපති එම් ඩී පෝල් මහතා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් අඩුකළද එය ජනතාවට දැනෙන මුදලක් නොවන බවයි.
