*
Friday, April 26, 2024
spot_img

Latest Posts

”මහද අරණ සුවඳ කරන – සුළඟ රැගෙන යළි වඩින්න” – ජේ. ඒ. මිල්ටන් පෙරේරා

සම්මානිත ජනකාන්ත ගායකයෙකු, චිත්‍රපට පසුබිම් ගායකයෙකු, ගී තනු නිර්මාපකයෙකු මෙන්ම වාදකයෙකු වූ ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා හෙවත් මිල්ටන් පෙරේරාගේ ජන්ම දිනය අද (05) දිනට යෙදී තිබේ.

සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු අතිශ්‍ය ගෞරවාන්විත චරිතයකි. එටමන් ම 1960-1970 දශකය තුළ විවිධ චිත්‍රපට පසුබිම් ගායන හරහා සිය හඬ පෞරුෂය ලාංකීය ගිත සාහිත්‍ය තුළ ශේෂ කරන්නට සමත් වූ පුරෝගාමී ගායකයෙකු වශයෙන් ද හඳුනාගත හැකිය.

ඔහු මුලින්ම කලා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වන්නේ තබ්ලා වාදකයෙකු වශයෙනි. සිය පියා වන ජේ. ඒ. එඩ්වින් පෙරේරා (ඔහු කලා ලෝකය හඳුනන්නේ තබ්ලා පොඩි අප්පුහාමි මාස්ටර් නමිනි) දක්ෂ වාදකකයෙකු විය. ඒ මඟ යමින් තබ්ලා හා ඩොල්කි වාදනයට ඔහු යොමු විය. කොටහේන මධ්‍ය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ මිල්ටන් පෙරේරා වයස අවුරුදු 10 පමණ වන විට පාසලේ කැපී පෙනෙන ගායකයෙකු විය. ඔහු වයස අවුරුදු 13දී ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහනේ තබ්ලා වාදකයකු වශයෙන් සඳහා සම්බන්ධ විය.

“මගේ ප්‍රියතම හින්දි ගායකයා තලාද් මොහොමුද්. මගේ දෛවය කියන්නේ 1954දී රාජ් කපූර්, නර්ගීස් තලාද ඇතුළු නළු නිළි කණ්ඩායම ලංකාවට ආ වෙලේ ඒ අයගේ නැටුම්වලටත් තාලාද් මොහොමුද්ගේ ගායනවලටත් මම තබ්ලාව වාදනය කිරීමට ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. තලාද් ගීත ගයලා වේදිකාවෙන් බහිනවිට මගේ ඔළුව අත ගෑවා. ඒ කාලේ කොළඹ පුභූන්ගේ මගුල් ගෙවල්වල, විශේෂ උත්සවවල පැවැත්වෙන බජන්වල මමත් ඩොල්කි වාදනය කළා. එදා සර්පිනාව වාදනය කළේ මොහොමද් සාලි. ක්ලැරිනට් වාදනය කළේ ටී. ඇෆ්. ලතීෆ්. ඉංග්‍රීසි මැන්ඩලීනය වාදනය කළේ ගුණදාස වේරගොඩ හා ඇන්තනී සාමි. වයලීන් වාදකයා එම්. කේ. රොක්සාමි. ගිටාර් වාදකයා පැට්රික් දෙණිපිටිය. තබ්ලා වාදකයා ඇම්. ආරියදාස. ඩොල්කි වාදනය කළේ ජීර් මොහොමඩ් හා මම” – J.A.මිල්ටන් පෙරේරා.

1956 ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස සමත් වූ මිල්ටන් පෙරේරා ගායනා කරන ලද මුල්ම ගීතය රචනා කළේ ඇලෝයි ගුණවර්ධනයන් විසිනි. එකල ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ නායදෝර්හි ඕ. පී. නයියාර්ගේ සංගීතයට මොහොමඩ් රාෆි ගැයූ ගීතයේ තනුවට ඇලොයි විසින් රචනා කරන ලද ”ආලෙහි වැදී ජීවිත – අඳුරෙහි ගැලේවී” යන ගීතය ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය විය.

ඉන් අනතුරුව ඔහු පොඩි කාලේ අපි දෙන්නා, ඔබ වේවා වේවා පහණ මගේ, සිකුරු ලියා බොළඳ ලියා, කල්‍යාණියේ ආදී ගීත රැසක් ගායනා කරන්නට විය. ඒවා එදා මෙන්ම අදට ද ගීත ලෝකය තුළ අතිශයින්ම ජනප්‍රියය.

මිල්ටන් විසින් එවකට එච්.ආර් ජෝතිපාල, ඇලොයි ගුණවර්ධන මෙන් ම කරුණාරත්න අබේසේකර සමඟ අතිශය සමීපව කටයුතු කරනු ලැබීය. එකල ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ”අනංගවාදය” වැඩසටහන ශ්‍රාවකයන් අතර අතිශය ජනාදරයට පත් වූ අතර මිල්ටන් හා ජෝති ගීතයෙන් කරන ලද විවාදය වෙනුවෙන් ගී ලියා දෙනු ලැබුවේ කරුණාරත්න අබේසේකරයන්ය.

චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස මිල්ටන් පෙරේරාගේ ආගමනය සිදු වන්නේ ”කුරුලු බැද්ද”(1961) චිත්‍රපටයෙනි. එහි ඔහු විසින් ගයන ලද ”අරුණ උදයේ පිපෙන මල සේ-විවිධ මැලිකම් දුරැලා” යන ගීතය මිල්ටන් පෙරේරාගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගායනය විය. කුරුලු බැද්ද චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුසාමිට අලුත් කටහඬක් හඳුන්වා දීමට අවශ්‍ය වූ අතර එවකට ගුවන් විදුලියේ නැගී එන ජනප්‍රිය ගායකයෙකු වූ මිල්ටන් පෙරේරාට එම අවස්ථාව හිමි විය.

මිල්ටන් පෙරේරා දශක 30 පමණ සිය චිත්‍රපට පසුබිම් ගායන දිවිය තුළ චිත්‍රපට 93කට පමණ සිය දායකත්වය ලබා දී ඇත. ඒ අනුව ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම ආදී ලාංකීය සිනමාවේ මුල් පෙළ නළුවන් රැසක් වෙනුවෙන් පසුබිම් හඬ සපයන්නට මිල්ටන් පෙරේරා සමත් විය.

අහන්න මගෙ හොඳ පුංචි පුතේ, ආලෙහි බැඳී ජීවිතේ අප දෙදෙනා අතරේ, අපි සන්තෝසෙන් ඉන්නේ, දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි, හිනැහෙන්න මට ඉගැන්නූ, හිස් ටින් එකක්වාගෙයි, කොමල ලියා, මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ, මහ ඝන වනන්තරේ ,නෙලන්න බැරි මල් අතු අඟ, මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ, ඔබ කවුද ප්‍රියේ, නිදහස් කාහල නාදය, ඔබේ ප්‍රේම නගරේ, පෙම් අප්සරාවෝ, රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ, සඳුන් ගසක එති, සිහින දෙව්දුවේ, සිරිසාර බුලත්විට, සන්සුන් රුවන් හද මන්දිරයේ ,සොබා අලංකාරේ මූණේ ,සුරලෝකේ මං සක්කර දෙයියෝ, උම්බෑ කිය කියා ,විනෝද වෙන්න, වැඩ කරලා ඉවර නොමැත ආදී රසික ජනාදරයට පත් අදටද වලංගු ගීත රැසක පුණ්‍යවන්ත හිමිකරු ඔහුය.

1966 වසරේදී ඔහු විසින් හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය දිනා ගනු ලැබීය. එම වසරේම වෝග් ජුවලර්ස් ආයතනය විසින් පිරි නැමෙන ස්වර්ණ සංඛ සම්මානයද ලබා ගැනීමට ඔහු සමත් විය.

මිල්ටන් පෙරේරා විසින් ගායනා කරන ලද ගීත එදා මෙන් ම අදටද රසිකයන් අතර සදා නොමැකෙන සිහිවටනව ඇත. ඔහු භෞතික කයින් නික්ම ගියද ඔහුගේ හඬ චිරාත්කාලයක් අප අතර රැඳෙණු ඇත. ඒ හඬ මතක නැතිකරන්නට රසිකයන්ට මතක නැති වේවි.

සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan