සා/පෙළ ඇරඹෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW):අද (06) දින 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙයි. 

ලබන 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මෙවර විභාගය සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව, 4 ලක්ෂ 52 979 කි. මධ්‍යස්ථාන 3527කදී මෙවර විභාගය පැවැත්වෙන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

විභාග වංචා සිදුකළහොත් වසර පහක විභාග තහනමකට ලක් කරන බව ද, අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ අතර , සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්,ඒ සඳහා පොලිස් නිලධාරින් 2000කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...