අගමැතිගේ ඉල්ලා අස්වීම නැවැත්වූ අදිසි බලවේගය කවුද ? – වීරසුමන වීරසිංහ

Date:

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම්ව සිටි බවත්, ජනාධිපතිවරයාගේද අනුමැතිය ඊට හිමිව තිබූ බවත් පක්ෂ 11 කණ්ඩායමේ සාමාජික වීරසුමන වීරසිංහ මහතා පවසනවා. පසුගිය 04 වැනිදා අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් අවසන් මොහොතේදී එය කිසිවෙකු විසින් හෝ වැළැක්වූ බවයි මන්ත්‍රීවරයා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ.

ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අවස්ථා දෙකකදී පැවති සාකච්ඡාවලදී අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කරනවා. දෙවැනි සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමට ලිඛිතව ආරාධනා කළේ අලුතින් බිහි කරන ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අවසන් මොහොතේදී එම වැඩපිළිවෙල කඩාකප්පල් වූයේ කුමන බලවේගයක මැදිහත්වීම මතද යන්න ගැටලුවක් බවයි වීරසිංහ මහතා පවසන්නේ.

ජනතා සහයෝගය නොමැතිව කෙසේ හෝ බලය රඳවා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් අර්බුදය තවදුරටත් උත්සන්න වන බැවින් ඉතා ඉක්මනින් ආණ්ඩුව ඉවත් වී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනය කරන පාලනයක් ස්ථාපිත කර අර්බුදයට විසඳුම් සෙවිය යුතු බව වීරසුමන වීරසිංහ මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...