කන්‍යාවී ….

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ…වීදි පුරා…
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා..
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

කලු සපත්තු..බයිනෙත්තූ..
රතු පාටින් වෙඩි වරුසා..
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්..
ඈ හිනැහෙයි…
නෑ නොමැරී…
කන්‍යාවී…

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..
නෑ නොමැරී… දෙවඟන කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී…
නෑ නොමැරී..
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී…
කන්‍යාවී…

Artist – Mihindu Ariyaratne

Lyrics – Kasun Pussewela

Melody – Mihindu Ariyaratne

Music composer and post production – Yohan Ranasinghe

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...