ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මහලේකම්ට නිවසට පැන පහර දීලා

Date:

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC SL) ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඊයේ (06) අලුයම ඔහුගේ නිවසේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයකට ගොදුරු වී තිබේ.

ප්‍රහාරයෙන් ගැලවීමට උත්සහ කිරීමේදී එම නාදුනන පුද්ගලයන් සතුව තිබුණු පිහියකට හසුව මැක්ස්වෙල් මහතාගේ ඇඟිලි හතරකට තුවාල සිදුව ඇත.

ප්‍රහාරයට පැමිණි දෙදෙනා නිවැසියන් ද බියවද්දා ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථයද පැහැරගෙන ගොස් ඇති බව සඳහන්. මඟ දමා ගොස් තිබියදී එම මෝටර් රථය මේ වනවිට සොයා ගෙන තිබේ.

නිවස ඉදිරිපස මිදුලේ ශබ්ද ඇසීම නිසා එම නිවසේ සිටින සුනඛයින් දෙදෙනාගේ බිරුම් හඬ හේතුවෙන් නිවැසියෙක් ඉදිරිපස දොර විවෘත කිරීමත් සමඟයි එම පුද්ගලයින් දෙදෙනා නිවසට ඇතුල් වී ඇත්තේ.

ඒ අනුව මැක්ස්වෙල් මහතා නිදා සිටියදීයි එම ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මැක්ස්වෙල් මහතාට පහර දෙන විට ඔවුන්ට පවසා ඇත්තේ ඔවුන්ට යම් අසාධාරණයක් සිදුව ඇති බවයි.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තේරීම්වලදී සහ ඉන් පීඩාවටපත් පාර්ශවයක ප්‍රතිඵලයක් බවට විශ්වාස කෙරෙන අතර මෙය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු තනතුරු සඳහා පැවති තරගයේ දී ද මැක්ස්වෙල සිල්වාගේ ආධාරකරුවන් සහ පරාජයට මුහුණ දුන් පාර්ශවය අතර පවතින එදිරිවාදිකමේ දිගුවක් ලෙස ද සැලකෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...