ශ්‍රීලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනට කුලියට ඇප තියන්න ආ දෙදෙනෙක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (05) පස්වරුවේ ඔවුන් දෙදෙනාව කෙසෙල්වත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන්ව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වී ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති අයවලුන් ය.

අධිකරණය විසින් කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබුණු අතර එයින් දෙකක් සඳහා මේ සැකකරුවන් ඉදිරිපත්ව ඇත.

කෙසේවෙතත් ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී කපිල චන්ද්‍රසේනව අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ ඇපකරුවන්ට නොහැකි බවත් ඇපකරුවන් සහ කපිල චන්ද්‍රසේන අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟුණු බැවින් පොලීසියට පැමිණිලි කර තිබුණු අතර එහිදී ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන තිබිණි.

පොලීසිය විසින් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් අනුව තමන් රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වූ බවත් කපිල චන්ද්‍රසේනව තමන් හඳුන්නනේවත් නොමැති බවත් ය.

රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප තැබීමට පැමිණියත් සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා, ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...