නඩුවක අධිචෝදනා ගොනුවෙද්දී ඕනෑම අයෙකුට ඉදිරි නඩු කටයුතු සහ තීන්දු තීරණ ගැන අනාවැකි පළකළ හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
“අවුරුදු එකහමාරක් වෙනවා. නඩු කටයුතු ගිහිල්ලා තියෙනවා. අධිචෝදනා ගොනුවෙලා තියෙනවා. එතකොට අපි අධිචෝදනා ගොනු වෙනකොට දේශපාලනය කරන අය නෙවෙයි සාමාන්‍ය ඉන්න පුරවැසියෙකුට වුණත් තේරෙනවා මින් ඉදිරියට එන නඩු කටයුතු, තීන්දු තීරණ තමයි එන්නෙ තියෙන්නෙ. ඉතින් ඒක ඕනෙ කෙනෙකුට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්”
ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කඩවත ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිරියේදී පැමිණීමට නියමිත නඩු තීන්දුවක් සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් මේ වනවිට ආන්දෝලනයට ලක්ව ඇති අතර ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


