සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුද්ධය අවසන් කිරීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14 කින් යුත් අවබෝධතා ගිවිසුම ඉරානය විසින් සලකා බලමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි ප්‍රකාශ කර තිබේ.
ඉරානය මෙම අවබෝධතා ගිවිසුමකට එළඹෙනු ඇතැයි ධවල මන්දිරය විශ්වාස කරන බව එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයක් වන ඇක්සියෝස් වාර්තා කර ඇති අතර එහි ලැයිස්තුගත කර ඇති විධිවිධාන අතර ඉරාන න්‍යෂ්ටික පොහොසත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම ඇතුළත් වේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය හරහා ඉරානය ගිවිසුමකට එකඟ නොවන්නේ නම් බෝම්බ ප්‍රහාරය ආරම්භ වන අතර එය පෙරට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක සහ තීව්‍රතාවයකින් පවතිනු ඇතැයි සඳහන් කර තිබිණ.

