තැපෑලේ ඩොලර් 626,000ක හොරකම ගැන CIDය අධිකරණයට කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විදෙස් ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්වයන්ට නොලැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ මුල්වරට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දැක්වීම සිදුකළේය.

ගෝලීය මට්ටමේ තැපැල් කටයුතු සිදුකිරීමේදී ගෙවීම් සිදුකිරීමට අදාළ නිල ඊමේල් සහ ගිණුම් තොරතුරු සපයන්නේ ‘Universal Postal Union’ හෙවත් විශ්ව තැපැල් සංගමය විසින් බවත්, මෙම ප්‍රශ්නගත ගෙවීමේදී ඔවුන් ලබාදුන් ඊමේල් ලිපිනයට පරිබාහිර වෙනත් ඊමේල් ලිපිනයක් සමග පණිවිඩ හුවමාරු වී ඇති බවත් පැවසූ CID නිලධාරීන් අමෙරිකානු තැපැල් සේවයට සිදුකළ යුතු ගෙවීමක් ලැබී නොමැති බව දන්වමින් 2023 වසරේ ජුනි මස සිට වෙනත් ඊමේල් පණිවුඩ 9ක් ලැබී ඇති අතර, ඉන් 03කට තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බවත් සඳහන් කළේය.

2025 පෙබරවාරි 19 වනදා අමෙරිකානු ඩොලර් 435,864ක්, 2025 ඔක්තෝබර් 16 අමෙරිකානු ඩොලර් 190,891ක් ලෙස අවස්ථා දෙකකදී අමෙරිකානු ඩොලර් 626,755ක මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අදාළ මුදල කුමන පාර්ශ්වයක් වෙත ගොස් ඇතැදැයි මේ වනවිට අනාණවරණය වී ඇත්ද යනුවෙන් මහේස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් CID නිලධාරීන් පැවසුවේ එම මුදල ලබාගත් නිශ්චිත පුද්ගලයකු හෝ පාර්ශ්වයක් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මෙම සිද්ධියේදී අපරාධමය වරදක් සිදුවී ඇති බව අනාවරණය වන්නේදැයි මහෙස්ත්‍රාත්වරයා විමසූ විට CIDය පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත සහ පොදු දේපොළ පනත ප්‍රකාරව වැරදි සිදුවී ඇතැයි දැනට අනාවරණය වී ඇති බවය.

කෙසේවෙතත් ඊට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇත්දැයි විමසීමේදී CIDය පැවසුවේ දැනට සැකකරුවන් හඳුනාගෙන නොමැති බවකි.

මේ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට අවසර ලබාදුන්නේය.

නඩුව යළි ජුලි 22 වනදා කැඳවීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...