සටහන: සශිකලා මධුෂාණි
මැයි 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩා අගමැති මාර්ක් කාර්නි විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා සහ ප්‍රතිපත්ති හේතුවෙන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර කීර්ති නාමයට හානි කර ඇති බවත්, එක්සත් ජනපදය නිදහස් ලෝකයේ නායකයා ලෙස තවදුරටත් නොපෙනෙන බවත් ප්‍රකාශ කර ඇත.
කැනේඩියානු මෝටර් රථ ආනයන සඳහා ට්‍රම්ප් විසින් 25% ක තීරුබදු ක්‍රියාත්මක කිරීම හා සමබන්ධ සාකච්ජාවකදී කැනඩා අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබු අතර ට්‍රම්ප්ගේ නායකත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ගෝලීය ස්ථාවරත්වයේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස එක්සත් ජනපදයේ භූමිකාව දුර්වල කර ඇති බවත්, කැනඩාව වැනි මධ්‍යම බලවතුන් නව ආර්ථික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය බවත් කානි මෙහිදී තර්ක කර ඇත.
මෙම ප්‍රකාශය මගින් වොෂින්ටනයේ ගෝලීය ප්‍රතිරූපය වෙනස් වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මිත්‍ර රටවල් අතර පවතින වැඩෙන කනස්සල්ල මනාව පිළිබිඹු වේ.

