තලපති විජේ පන්නයේ මෙහෙයුමක් ශ්‍රී ලංකාවේත් ?

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දීර්ඝ කාලයක් තිස්සේ බලය හෙබවූ DMK සහ ADMK යන පක්ෂ දෙකේ ආධිපත්‍ය බිඳ දමා ජනප්‍රිය සිනමා නළුවකු වූ තලපති විජේ බලයට ගෙන ආ පන්නයේ මෙහෙයුමක් ශ්‍රී ලංකාව තුළත් ආරම්භ වී ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

තලපති විජේ බලයට ගෙන ආ මැතිවරණ සහ දේශපාලන මෙහෙයුමට අදාළ සමීක්ෂණ කටයුතු සිදුකළ කණ්ඩායමම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද වාර්තාවක් නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාවේද සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති බවත් පාවෙන ඡන්ද දායකයින් මේ වනවිටත් අලුත් විකල්පයක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බවත් එම වාර්තාවෙහි දැක්වෙන බව ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව තලපති විජේ පන්නයේ මෙහෙයුමක් ශ්‍රී ලංකාව තුළත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විෂය මූල සාධක මේ වනවිට පවතින්නේ යැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව සඳහන්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගැටලුවලින් ගොඩ ඒමට ප්‍රධානතම බාධාව වී ඇත්තේ මානව සම්පත් හිඟයයි. 1983 සිදුවීම් සහ 88 – 89 සිදුවීම් හරහා විශාල තරුණ පිරිසක් ඝාතනයට ලක්වූ අතර තවත් විශාල පිරිසකට රටහැර යාමට සිදුවිය. එමෙන්ම මේ තත්වය මගින් නිර්මාණය කෙරුණු වටපිටාව නිසා, ගතවූ දශක තුනක කාලය තුළ දෙමව්පියන් ද තම දරුවන් කෙසේ හෝ විදෙස්ගත කිරීමේ පෙළඹීමකට ලක්වූ අතර මේ වනවිට ප්‍රශ්නය වඩාත් උඝ්රවී බුද්ධි ගලනය රටේ අංක එකේ අර්බුදය බවට පත්වී තිබේ.

එජාප සහ ශ්‍රීලනිප ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපොහොසත් වීම හේතුවෙන් 2022 වසර වනවිට රට බංකොලොත්භාවයට පත්විය. ඒ බංකොලොත්භාවය හමුවේ දේශපාලන අරගලයක් ද ඇතිවූ අතර එයින් පසුව 2024 මැතිවරණවලදී ශ්‍රී ලංකාවේ ජනතාව විකල්පය වශයෙන් තෝරාගත්තේ තවත් පැරණි දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයයි. නමුත් මේ වනවිට ඔවුන් ද ශ්‍රී ලංකාවේ මානව සම්පත් හිඟයට සහ බුද්ධි ගලනයට විසඳුම් දීමට අපොහොසත් බව වසර එකහමාරක් තුළ සනාථ කර ඇත.

ඒ අනුව නැවතත් රට අස්ථාවර වීම වළක්වාගෙන රට ඉදිරියට ගෙනයාම සඳහා වඩාත් විචක්ෂණශීලී සහ නිර්මාණශීලී මෙන්ම තාරුණ්‍යයට ආමන්ත්‍රණය කළහැකි අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම උදෙසා මෙරට වෘත්තිකයින්, සිවිල් බුද්ධිමතුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් දැනටමත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් අර්බුදවලට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම පිහිටට පැමිණියේ අසල්වැසි ඉන්දියාවයි. නමුත් ඔවුන්ට ද මෙය දිගින් දිගටම කරගෙන යාමට නොහැක. ඒ අනුව මේ අලුතින් බිහිවන “තලපති විජේ පන්නයේ මෙහෙයුමට” ඉන්දියාවේ ආශිර්වාදය ද හිමිවනු ඇති බවත් තතුදත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...