සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පළාත් වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති අතර පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  උදෑසන 8 සිට මධ්‍යයන 12 දක්වා හෙට සිට පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවීම අරඹන බවයි .

හෙට දිනයේ උතුරුමැද පළාතේ ද ලබන 13 වනදා මධ්‍යම පළාතේ ද 14 වනදා සබරගමුව පළාතේ ද එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 15 වනදා වයඹ පළාතේ මෙන්ම 16 වනදා දකුණු පළාතේ ද 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදුකරන බව එම සන්ධානය වැඩිදුරටත් දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...