වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් 209ක දූත පිරිසක් සමග දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා සමග 209 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙරටට පැමිණ ඇත. ජනාධිපතිවරයා ඇතුළු මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරයක නිතරව සිටි අතර, ඒ අනුව ඔවුන් මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ කටුනායක වෙත පැමිණ තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි රාජතාන්ත්‍රික නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයින් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...