ශ්රී ලංකා මහබැංකුව විසින් අද (මැයි 08) ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ.
2024 ජනවාරි 22 දිනෙන් පසු පළමු වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ අද දිනයේදී ය.
අද දිනයේදී ඇමරිකානු ඩොලරයේ මධ්ය අගය (USD/LKR SPOT Indicative Exchange Rate) රු. 321.63 ක් වශයෙන් සටහන්ව ඇත. එම අගය ද මෙසේ රුපියල් 321 සීමාව ඉක්මවා ඇත්තේ 2024 ජනවාරි 18 වනදායින් පසු පළමු වරට ය.




