සටහන: සශිකලා මධුෂාණි
මැයි 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ආසියාව පුරා පැතිර යන මාරාන්තික තාප තරංගයක උෂ්ණත්වය භයානක ඉහළ මට්ටම් කරා ළඟා වෙමින් සිටින බව විද්යාඥයින් සහ කාලගුණ විද්යා ආයතන අනතුරු අඟවා තිබේ.
මෙය මිලියන සිය ගණනක්වන ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ කලාපයක අවදානම පිළිබඳව නව කනස්සල්ලක් ඇතිකර ඇති අතර මේවන විට ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල සාමාන්යය උෂ්ණත්වය ඉහළ ගොස් ඇති අතර සමහර ප්රදේශ සෙල්සියස් අංශක 45-50 (ෆැරන්හයිට් අංශක 113-122) ට ළඟා වෙමින් හෝ ඉක්මවා ගොස් ඇත.
එක්සත් ජාතීන්ගේ කාලගුණ හා දේශගුණික ඒජන්සිය වන ලෝක කාලගුණ විද්යා සංවිධානය මැයි සිට ජූලි දක්වා කාලය තුළ එල් නිනෝ තත්වයන් ඇති විය හැකි බවට පුරෝකථන සිදුකර ඇති අතර පකිස්ථානයේ, අඟහරුවාදා(05) අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තාපය ආශ්රිත සංකූලතා හේතුවෙන් මිය ගිය බව දේශීය හදිසි සේවාවලට අනුව වාර්තා විය.
ඉන්දියානු කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව (IMD) රටේ බොහෝ ප්රදේශවල සාමාන්යයට වඩා ඉහළ උෂ්ණත්වයක් පුරෝකථනය කර ඇති අතර බටහිර ප්රදේශවල සහ වෙරළ තීරය නැගෙනහිර වෙරළ තීරයේ, හිමාලයානු කඳු පාමුල සමහර ප්රදේශවල සහ මහාරාෂ්ට්ර සහ ගුජරාට් හි බටහිර ප්රාන්තවල උෂ්ණත්වය ඉහල යනු ඇති බවට නිවේදනය කර ඇත.
පකිස්ථාන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව (PMD) සින්ද් පළාතේ මධ්යම සහ ඉහළ ප්රදේශ හරහා තාප තරංග තත්ත්වයන් දිගටම පවතිනු ඇතැයි පුරෝකථනය කළ අතර, දිවා කාලයේදී සෘජු හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න ලෙස හා සජලනය වී සිටින ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම බංග්ලාදේශයේ අගනුවරවන ඩකා නගරය මෙන්ම එහි ෆරීද්පූර්, රාජ්ෂාහි සහ පබ්නා දිස්ත්රික්ක අප්රේල් මැද සිට ජුනි දක්වා කාලය තුළ විශේෂයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වන බවට එරට කාලගුණ විද්යා ඒජන්සිය නිවේදනය කර ඇත.

