ගාලු මුවදොරින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදයයි – කාදිනල්

Date:

ඉතිහාසය පුරා රට පාලනය කළ කිසිවෙකුත් ජනතාව ගැන සිතා, ඔවුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා සඳහන් කරනවා. ඒ වෙනුවට පාලකයන් දිගින් දිගටම සිදුකළේ ආගම් භේද, ජාති භේද අවුළුවා ජනතාව බෙදා වෙන්කර පාලනය කිරීම බවද කාදිනල්වරයා පවසනවා.

ජනතා යහපත වෙුනවෙන් කටයුතු කිරීම වෙනුවට දූෂණ සංස්කෘතියක් බිහිකළ පාලකයන් නීතියේ ස්වාධීනත්වය අහිමි කර නීතිය දේශපාලනඥයන්ගේ අතකොලුවක් බවට පත්කර ඇති බවටද කාදිනල්වරයා චෝදනා කරනවා.

මෙම අන්ත දූෂිත, ජනතා විරෝධී දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉතා අගනා අවස්ථාවක් උදා වී ඇති බවත්, නැවත දූෂිත දේශපාලනයට ඉඩ නොතබා ජනතා හිතවාදී සැබෑ පාලන ක්‍රමයක් බිහිකර ගැනීම සඳහා මෙය ස්වර්ණමය අවස්ථාවක් කරගත යුතු බවත් පෙන්වා දෙන මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසන්නේ ගාලු මුවදොර අරගල භූමිය දෙසින් ඇසෙන්නේ නව නිදහස් අරගලයේ කාහල නාදය බවයි.

කාදිනල්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹදී පැවති උත්සවයකට සහභාගිවෙමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...