රෂිකා හෙන්නායක මැයි 09, කොළඹ LNW :
කුරුණෑගල නියෝජ්ය නගරාධිපති අසාර්දින් මොයිනුධීන් මහතා රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වූ අතර, නගර සභාවේ සේවා කොන්ත්රාත්තුවක් ලබාදීමට මුදල් ඉල්ලා සිටියදී ඔහු බත්තරමුල්ල ප්රදේශයේදී අල්ලස් කොමිසම විසින් මෙලෙස කොටු කරගෙන තිබේ.
මෙම සිදුවීමත් සමඟ ඔහු නියෝජනය කළ සමස්ත ලංකා මහජන කොංග්රසය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට වහාම පියවර ගෙන ඇත.
ජාතික ජන බලවේගය සමඟ එක්ව නගර සභාවේ බලය පිහිටුවීමට දායක වූ මෙම දේශපාලනඥයාගේ දූෂිත ක්රියාව සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග තවදුරටත් ක්රියාත්මක වේ.



