රෂිකා හෙන්නායක මැයි 09, කොළඹ LNW :
කෘෂිකර්ම අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී වගා කන්නයන් සඳහා අවශ්ය පොහොර සැපයීම සහ බෙදාහැරීමේ ක්රියාවලිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත.
වත්මන් යල් කන්නයට අවශ්ය පොහොර තොග දැනටමත් ගොවි ජන මධ්යස්ථාන මගින් ලබා දෙන අතර, පුද්ගලික අංශයේ බෙදාහැරීම් ද යළිත් සක්රීය කිරීමට රජය තීරණය කර තිබේ.
ඉදිරි මාස් කන්නය සඳහා අවශ්ය පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින්, කිසිදු හිඟයකින් තොරව එම කටයුතු සිදු කිරීමට සැලසුම් සකස් කර ඇත.
මීට අමතරව, හුදෙක් පොහොර යෙදීම වෙනුවට පස් පරීක්ෂාව මගින් පසට අවශ්ය නිසි පෝෂක හඳුනාගෙන නවීන තාක්ෂණික ක්රමවේද භාවිත කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ අවම පිරිවැයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ වේ.


