සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ නෑ: කතානායක

Date:

කොළඹ (LNW): සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත ඉදිරිපත් කර ඇති සංශෝධනයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, සමරිසි සබඳතා නිර්සාපරාධීරකණය කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සහ ඊට එරෙහිව ගොනුකර ඇති අතුරු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (09) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරමිනි.

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධනයන් ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වන අතර, එම යෝජනාව අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන්නේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් වීම විශේෂත්වයකි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති යොදාගනිමින් සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුනට නඩු පැවරීම බොහෝ කලක පටන් ශ්‍රී ලංකාව තුළ සිදුවූ දෙයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...