*
Saturday, May 10, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග e කොළම.

🍎ආණ්ඩු බලයත් සමග ඇස් පියාගෙන දිනිය යුතු ඡන්දයක් අනාගැනීම….?

🍎දේශපාලන දෙදරීමට නිදාසිටි විපක්ෂය සම්මාදම් ද….?🍎පතිවත කෙලෙසාගත් ‘ස්වාධීන හොරු’ මාළිමා කහ දියරෙන් නාවා පවිත්‍ර කිරීම..?

🍎කයිය, පච, ඇන්දිල්ල, උද්ධච්ඡ්කම, අනෙකා පාච්චල් කළ, ගොං කතා කී කටවල් හා බෝක්කුවක් නොහැදීමේ ආදීනව….?

🍎හොරු, ෆයිල් 400, චෙක්පත් අංක හා කටින් පමණක් දඬුවම් කිරීම….?

🍎ජනපති හා මාළිමාවේ අපරිනත මාධ්‍ය හැසිරවීම භූමරංගයක්වීම….?

🍎තමන් හැර සෙසු සියල්ල හොරු බවට වන මානසික ව්‍යාධිය…..?

🍎කන්ටේනර් ,හාල් ටෙන්ඩර් හා තවත් චෝදනා.?

මාළිමාවෙි පළමු ලිට්මස් පරීක්ෂණය ආවේ දැවැන්ත බලයක් ලබා මාස 07 කිකි. කෙටි කලකින් ආ ඡන්දයක් ඇස් පියාගෙන දිනිය හැකි වුවත් මාළිමාව ඊට විශාල බරක් දැරීය.සියලු වැඩ නවතා ජනපති රටේ හතර දිසාවේ යමින් පොරොන්දු දෙමින් විපක්ෂය පට්ට ගසමින් දළදා පෙන්නමින් ක්‍රියා කළහ.

විපක්ෂය නිදා ගත්තා මිසක කළ අටමගලයක් නැත. එහෙත් සමාජ මාධ්‍ය තුළ ජනතාව ක්‍රියාකාරීවීමෙන් මාළිමාව ඡන්ද ලක්ෂ 24 කින් පසුබෑවේය. දකුණේ හා උතුරේ ජනතාවද හුරතල් තීන්දු දී නැත. නාමල් හා සජිත් ඡන්ද ලක්ෂ 06 ක් හා 03 වැඩි කරගනිද්දී දිලිත් ලක්ෂයකට වඩා නැග්ගේය. මාළිමාව ආයතන 265 කදී වැඩිම ඡන්ද ලැබූවද බොහොමයක විපක්ෂ මන්ත්‍රී ගණන ඊට වැඩි විය. ස්ථාන රැසක මන්ත්‍රීධුර සමානය. ඒ තුළ කුළුදුල් ඡන්දයේදී අර්බුදයට ගියේ මාළිමාවය. බලය ස්ථිපිත කිරීමේ දී පතිවත කෙලෙසාගත් “ස්වාධීන හොරු” සමග මාළිමාව දීග ගියොත් එය යුගයේ මහා පාවාදීම හා විහිළුව වනු ඇත.

ජනතාව කප්පරක් අපේක්ෂා මැද ගෙනා ආණ්ඩුවට කෙටි කළකින් මෙම ඉරණම අත්වුණේ ඇයි ද යන්න ඊලඟ ගැටලුවය. තමන්ට පැණිය නොහැකි උසකින් බාර් එක තැබීමේ ගොන්කම ගැන මාළිමාව විහිළුවට පවා ලක්ව තිබිණ. විපක්ෂයේ දී අතදිගහැර දුන් ජනතා සහන ලබාදීමට තබා සිතීමටවත් නොහැකි බව ඔවුන්ට වැටහුණේ බලය ලැබුණු පසුය. රනිල් ගේ පාර මිස නිර්මාණාත්මක නව මාවතක් මාළිමාවට නොතිබීම ජනතාව කරකවා අතහැර දැමීමක් වූහ. තවද වසර 76 ක සාපය කියා පැමිණ චෝදනා කළ හොරු කොටුකිරීමට හෝ හොරා කෑ බව කී රුපියලක් සොයා ගැනීමට නොහැකි විය. ෆයිල් 400 හා අංක සහිත චෙක්පත් දැන් ආගිය අතක් නැත.දැන් හොරකම නැති බව සපත කළ ද කන්ටෙිනර් 323 හා හාල් ටෙන්ඩර සිව්වතාවක් වරද්දවා කළේ මගඩි බව රටට පෙණින. සියල්ලට වඩා මාස 07 ට හිටපු රජය කලකී දේ විවෘත කළා මිසක මාළිමාවට බෝක්කුවක් හෝ තැනීමට නොහැකිවීම ද ගැටලුවක් විය. පසුගිය ආණ්ඩුවල තනතුරු දරන විට හොරු ලෙස චෝදනා කළ බොහෝ දෙනෙක් දැන් ද ඉහළ තනතුරු වල වැජඹෙති.සියල්ලට වඩා ජනපති අගමැති කැබිනට් හා නි: ඇමතිලා මන්ත්‍රීලා ජනතාව දාර මෝඩයන් යයි සිතා දෝ හිතෙන හිතෙන ලෙස එදාටත් වඩා මහා පච දෙසන පිරිසක් බව රටතුළ පැළපදියම්වීම ආණ්ඩුව උස්සා පොළොවේ ගැසීමකි.

තවද ජනපති අගමැති ගේ සිට පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු දාරීන්ගේ උද්දච්ඡ බව බලයෙන් මත්වීම පරිනත නොවූ වාග් විලාසය ආදී කරුණු රැසක් ගැන මාළිමාවේ දායකයන් අවධානය යොමු නොකල ද බුද්ධිමත් ජනතාව නිරීක්ෂණයට කලා ඒකාන්තය. රාජ්‍ය පරිපාලනයේ සූක්ෂම නොවූ උපායන් හා ජනපතිගේ හා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයවන පිරිස් රටට විහිළු සපයන හා අතිශයෝක්තිය දනවන අස්වාභාවික පුවත් හා විශේෂාංග විසින් මාළිමාවට කළ හානිය සුළුපටු නැත. සිරසේ මාධ්‍යවේදීන් හා කුණු හරුප යූටියුබ්කාරයින් ද ආණ්ඩුව ජනතාවට තිත්ත කිරීමට ලොකු තල්ලුවක් දුන්නේය. ආණ්ඩුවේ බලවතුන් මෙන්ම මාධ්‍ය මෙහෙයවන අයද එක්කෝ ප්‍රායෝගික නැත. නොඑසේ නම් පොළොවේ පය ගැසූවන් නොවෙති.

බලයෙන් මත් නොවී තමන් හැර සෙසු සියල්ලන් හොරු බව සිතන මානසික ව්‍යාධියෙන් මිදී කටවල් වලට විනයක් ලබාදී නිවරදිවී හා නිසි මග යෑමට මහා පරිමාණයේ දේවල් නොහැකි නම් රටේ දෛනික කටයුතු වලට හෝ ප්‍රමුඛත්වය දී ක්‍රියා කරයි නම් එය මාළිමාවට හා රටට වාසියකි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan